ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ශ්‍රේෂ්ඨ් ජාතියක් ලෙස අඩම්බර වෙමු. අභීත රජවරු, ජන නායකයන්, ආගමික නායකයන්, කවීන්, ලේඛකයන් ගෙන් පරිපූණ අතීතයක මන් පෙත් අපට විවෘතව ඇත. මෙවනි පසුබිමක් මත අපේකම මත පදනම් ස්වයංපෝෂිත දේශයක අහිමනය විදීමට හුදෙක් සියල්ලන්ම අකමැති නොවෙති.
අත්තෙන්ම එහි පෙනෙන කිසිම වැරද්දක් නැත. ලාංකිකයන් වශයෙන් අප මේ ස්වයංපෝෂිත දේශයක නම් සංකල්පමය හැගීම මල් ඵල ගෙන්වීම උදෙසා කැපකිරීම් කිරීමට සූදානම්වී සිටින්නෙමු. 1972 දී සිරිමවෝ මැතිනිය ප්‍රමුඛ සමගි ආණ්ඩුව පූර්වාගමනයක් ගත්තද එය ක්‍රියත්මක කල ආකරය එතරම් ප්‍රායෝගික නොවු හෙයින් 1977 දී බලයට පත්වූ UNP ආණ්ඩුවට විවෘත ආර්ථිකය හදුන්වා දීමට හා ක්‍රීයත්මක කිරීමට රුකුල් විය.
විවෘත ආර්ථික ක්‍රමයෙන් අප හොදටම හෙම්බත් වී හමාරය. බුදියන පැදුර පවා නැවෙන් එනතුරු මුහුදට දත නියවා බලා සිටින්නෙමු.
බටහිර සුද්දන් අප වැනි අත්තා මුත්තා කාලයේ සිටම දියුණුවෙමින් පවතිනවා යැයි කියා ගන්නා රටවලට අවශ්‍ය තරමටත් වැඩියෙන් ඔව්න්ගේ උවමනාව පිටම උදව් කිරීමට සැදී පැහැදී සිටිති.
ඔවුන් ලබා දෙන ණය ආධාර ඔවුන් විසින්ම නැවත ඔවුන්ගේ රට වලට රැගෙන යන්නේ අපව තව තවත් ණය බරින් මිරිකමින් හා ඔවුන්ගේ නගුටට අවශ්‍ය ලෙස අපගේ ඔලුව නැවීමට පසුබිමද සකසමිනි. අප ස්වයංපෝෂිත දේශයක ලෙස නැගී සිටියහොත් මේ විදේශිය බලපෑම් වලට යටත් නොවී කටයුතු කරගෙන යා හැකි බව පෙනෙන්නට තිබේ. ස්වයංපෝෂිත දේශයක අහිමානය ශ්‍රි ලාංකීය ජනතාවගේ අහිංසක හැගීමක් වී තිබෙන්නේ ඒ නියවෙනි.
අද වානිජ කරණය කෙතරම් ප්‍රබලව ජනයා ආක්‍රමණය කර තිබේද යත් සමහර ආයතන, ව්‍යාපාර මේ හැගීම මුදල් ඉපයීමේ පරමර්ථ ඉටුකර ගැනීම සදහා අමු අමුවේ යොදාගනියි. "අපේ දේ, අපේ අහිමනය, අපේම රටේ නිෂ්පාදිත, දේශිය නිෂ්පාදන, ලංකාවේ මුදල් ඉතිරි කරන" ආදී ලෙස විවිධාකාරයෙන් ඔව්න් තමන්ගේ වෙලඳ ප්‍රචාරකයන් ගෙනයයි. සමහරුන් ඔවුන් කියන ලෙසින්ම ශ්‍රි ලංකීය සමාගම්ය. ව්‍යාපාරයන්ය. රටට සේවය කරති. රජයෙන් විවිධාකර වරප්‍රසද ලබා ගනිති.
නමුත් සමහරුන් තත්වයෙන් බල භාණ්ඩ මේ ලේබලය යටතේ අලවි කර පරිභෝගිකයන් අමාරුවේ දමති. "මොනවා උනත් මේවා අපේ දේවල්නේ" කියා සමහර පාරිභෝගිකයන් ආනයනික භාණ්ඩයේ මිල අඩුවට තිබියේදීත් මිලදී ගැනීමට පෙලඹෙති.මේ සමාගම් හුදෙක් "ලංකීය දේ" ලේබලයටම යට නොවී අත්හදා බැලීම්, පර්යේක්ෂණ, ගවේෂණ කර ආනයනික දේට තරගකරීත්වයක් ලබා දිය යුතුය. වෙලඳපල ජය ගත යුතුය. හැකිනම් අපනයනය කල යුතුය.
සමහර සමාගම්, ආයතන ලංකීය වුවත් අමුද්‍රව්‍ය ආනයනය කර භාණ්ඩ නිපදවයි. මෙවනි සමගම් හැකිතරම් දේශිය අමුද්‍රව්‍ය යොදා ගැනීමට යුහුසුලු විය යුතුය. සමහර අමුද්‍රව්‍ය ලංකාවේ හිග විය හැකිය නැත්නම් මිල අධික හෝ නොමැති විය හැකිය. මේවට අදේශක අමුද්‍රව්‍ය සොයා ගත යුතුය. උදාහරණයක් ලෙස තිරිඟු පිටි වෙනුවට හල් පිටි යොදා ගත හැකි ක්‍රමයක් සොයා ගතහොත් අපට කෙතරම් විදේශිය විනිමයක් ඉතිරි කර ගත හැකිද.
අපට සහල් තිබේ. තිරිඟු වෙනුවට සහල් යොදා ගත හැකි ක්‍රමෝපායන් සොයා ගත යුතුය. බටහිර සොයා ගන්නාතුරු නොසිටිය යුතුය. සොයා ගත්තත් ඔව්න් එම තාක්ෂණය අපට නොදෙනු ඇති. ලංකාව තුල විශ්ව විද්‍යාල, කෘෂිකර්මික අධ්‍යාපන ආයතන, පර්යෙක්ෂණ ආයතන තුල මේ සදහා සුදුසුකම් ඇත. මෙවනි සමාගම් එම පරීක්ෂණ, ගවේෂණ සඳහා ආධාර උපකාර කල යුතුය.
ලංකීය ලේබලය අලවා ගත් සමහර සමාගම් සතු වත්කම් ආයෝජනය කරන්නේ, ඉතිරි කරන්නේ විදේශිය බැංකුවලය. තවද ඔවුන්ගේ ළමුන් ඉගන ගන්නේ පිටරට විද්‍යාල වලය. ගමන් බිමන් යන්නේ සුපෝගභෝහී වහන වලය. ගුවන් සවාරි, නිවඩු නිකේතන සඳහා වියදම් කරන මුදල් වලින් ලංකාවට ලැබෙන ප්‍රතිශතය ඉතා කුඩාය. එයටද දේශප්‍රේමීන් ලෙස පෙනීසිටිමින් කණාපාර ගසයි.
සමහර සමාගම් ලාභය රු 100, 219 ලෙස දැන්වීම් දමමින් ලාංකීය ලේබලය යටතේ භාණ්ඩ විකුණයි. ඇත්තෙන්ම මෙම ලාභය හුදෙක් පරිභෝගිකයන්ට ලැබිය යුතු ලාභයෙන් කොටසක් නම් එවනි සමාගම්කින් පරිභෝගිකයන් තෘප්තිමත් විය යුතුද?
ඇත්තෙන්ම ලංකීයදේ අපේ දේ අප ගත යුත්තේ හුදෙක් ජාතියක් වශයෙන් එක්සේසත්, ස්වයංපෝෂි වීමට මිස නැතිනම් කොම්පැණි කාරයන් පෝසත් කිරීමට නොවේ යන මතය බුද්ධිමත් අප තේරුම් ගත යුතුය. අදාල ආයතනද තේරුම් ගත යුතුය.
ඇත්තෙන්ම මෙවනි සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලය මාර්ගඵල ලාභින් හෝ කිසියම් හාස්කමකට ලක්වුවන් නොවේ. ඔවුන්ද ලෞකික ජීවිතයක් ගතකරන මිනිසුන්ය. මුදල් මත හමායන්නන්ය. අවසාන වශයෙන්, ප්‍රෞඩ ඉතිහාසය ජානමය හා සාහිත්‍යමය උරුමයකට පිංසිඳු වෙන්නට අපට හිමි වූ අපේකම නම් වූ හැගීම මුදල් ඉපයීම සඳහා යොදා ගැනීමේදී ඔවුන්ගෙන් ඔවුන්ගේ රටටද මහත් සේවයක් බලාපොරොත්තු වෙමු.
Tuesday, June 30, 2009
අපේ දේ ගන්න
Posted by Unknown at 4:27 AM 0 comments
Labels: අපේ දේ ගන්න
Subscribe to:
Comments (Atom)